Local business web pages from Sri Lanka Search result

සුසෙත් Occupational Therapy and Counseling Center

සුසෙත් Occupational Therapy and Counseling Center

සුසෙත් වෘත්තීය චිකිත්සක සහ උපදේශන සේවා මධ්‍යස්ථානය සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල පස්වරු 5 සිට 8 දක්වා විවෘතව ඇත. මෙම වේලාවන් වෙනස් විය හැකි බැවින් 0713556165, 0772099578 අංක වලට කලින් දැනුම් දී පැමිණීම පහසුවකි. විවිධ වෘත්තීය චිකිත්සක සහ පුනරුත්ථාපන අවශ්‍යතා, අධ්‍යාපනික ගැටළු, රැකියාවේ ගැටළු, සම්බන්ධතා ආශ්‍රිත ගැටළු, වියෝදුක ආදී අවශ්‍යතා සඳහා සුසෙත් උපදේශන මධ්‍යස්ථානයේ සහය ලබාගත හැකිය. වෘත්තීය චිකිත්සාව (Occupational Therapy) යනුවෙන් හඳුන්වනු ලබන්නේ කායික සහ මානසික රෝගාබාධ වලින් පෙලෙන්නන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ස්වාධීන හා ඵලදායී ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය සහය ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රමයකි. මෙහිදී ප‍්‍රතිකාර මාධ්‍යය වශයෙන් ඵලදායී ක‍්‍රියාකාරකම් (Occupations) යොදාගනී. උපදේශනය (Counseling) යනුවෙන් හඳුන්වන්නේ යම් ගැටළුවකින් පෙළෙන පුද්ගලයකුට ඉන් මිදීමට හා තම ජීවිතය සාර්ථකව අත් විඳීමට අවශ්‍ය කුසලතා මතුකරගැනීමටත් භාවිතා කිරීමටත් උදව් වන ක්‍රමවේදයකි.