gampahanews.com
ATLA SOLUTIONS වන අප ආයතනය තොරතුරු තාක්ෂණය යොදාගනිමින් ජනතාවට සේවයක් කිරීමේ අරමුණින් 2012/04/13 අලුත් අවුරුදු නැකතින් www.attanagalla.com වෙබ් අඩවිය ආරම්භ කලෙමු. ප්රාදේශීය වාර්ථාකරණයේ පුනරාගමනය යන තේමාව යටතේ පරීක්ෂණ මට්ටමින් ආරම්භ කල මෙම වෙබ් අඩවිය ඉතාමත් කෙටි කලකින් අත්තනගලු ජනතාව ඉතාමත් ආදරෙන් වැලඳගත්හ.
මෙම සාර්ථකත්වයෙන් පන්නරයක් ලද අප අපේ ප්රධාන නගරය වන ගම්පහ මූලික කරගෙන www.gampahanews.com වෙබ් අඩවිය ආරම්භ කිරීමට සිතුවෙමු.
www.gampahanews.com වෙබ් අඩවිය ප්රචාරනය සඳහා කිසිවිටකත් අඩ නිරුවත් දර්ශන, දේශපාලනය, ආගම්වාදය, ජාතිවාදය යොදා නොගන්නෙමු. එම නිසා කුඩා දරුවාගේ සිට සියලුදෙනාටම මෙම වෙබ් අඩවිය කිසිදු අපහසුතාවයකට පත්නොවී නැරඹිය හැකිබව ඉතා වගකීමෙන් ප්රකාශ කරමු. රැඳී සිටින්න අප සමග... ඔබට සේවය කිරීමට අප සූදානම්.