Local business web pages from Sri Lanka Search result

Sri Sumangala National School - Nildandahinna,Nuwara Eliya.

Sri Sumangala National School - Nildandahinna,Nuwara Eliya.

Sri sumangala National college,Postal coad, Nildandahinna ,
Sri Sumangala College,Nuwara Eliya. The best School in Sri Lanka Sri Sumangala National College was founded in 1864 with Mr.A.D Izhed Siriwardana as the 1st principal. This school was started with a very small amount of students as a mix school with only one building and named as Nildandahinna Royal School. Afterwards the school was divided into two parts with a separate school for girls with Mrs.Meegasdeniya as the 1st principal. As time passes the two girls and boys schools were reunited as one mix school and were named as Sri Sumangala School. As the school was in a rapid developing process it was named as a “Maha Vidyalaya” and in 1982 was named as a “Madya Maha Vidyalaya” and 1993 was raised to a National College which a historic milestone of this school. At present this school consists of approximately 3000 students in all grades and a well trained teaching staff led by the present principal Mr.Kapila Aththanayaka. www.facebook.com/sumangala93 http://www.facebook.com/Sumangalans https://twitter.com/Sumangala5
Tel: 522278172
Sri Sumangala National College,Nildandahinna-Nuwara Eliya

Sri Sumangala National College,Nildandahinna-Nuwara Eliya

Sri Sumangala National College,postal code, Nildandahinna ,
ශ්‍රී සුමංගල ජාතික පාසල,නිල්දණ්ඩාහින්න-නුවර එළිය. ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්ථමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ "නිල්දණ්ඩාහින්න රජයේ පාසල" යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි. ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ "අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල" නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්‍යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය. රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව 'මහා විද්‍යාලයක් බවට පත් වූ අතර '1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්' බවට පත් කරණු ලැබීය. "1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්" දක්වා දියුණු වූ මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 28ක් පමණ විය. අතීතයේ සිට මේ දක්වා රටට දැයට විශාල සේවයක් කර ඇති විදුහල අප රටට අවශ්‍ය උගතුන් හා බුද්ධිමතුන් රාශියක් බිහිකර ඇත.ඒ අතර දොස්තරවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පරිපාලන නිලධාරීන්,දක්ෂ කලා ශිල්පීන්,ගුරුවරුන්,ගෞරවණීය සංඝයා වහන්සේලා ආදීන් වේ.එදා මෙදා තුර විදුහල් පියසේ සෙවන ලැබූ සැමගේ ගෞරවයට පාත්‍ර වූ පැරණි පාසල් බුදු මැදුර ඉදිකරණ ලද්දේ එවකට විදුහල්පති තුමා වූ එදිරිසූරිය මහත්මා විසිනි. වර්ථමානයේ භෞතික සම්පත් හා මානව සම්පත් වලින් පෝෂණය වූ ශ්‍රී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 2500ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය වශයෙන් 85ක් පමණ කටයුතු කරණු ලැබේ.රටට දැයට උගතුන් බිහිකිරීමෙහිලා මුලික පරමාර්තය ඇති මෙම පාසල "නොනැවතී ඉදිරියට" යන තේමා පාඨය මුල් කරගෙන කලාපයේ මෙන්ම මුලු රටේ ම ඉතා කීර්තිමත් පාසලක් බවට ද පත්ව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු. තොරතුරු සම්පාදනය: විශ්‍රාමලත් පාඨශාලාරිණී සුමනා නානායක්කාර මහත්මිය සමගින් උපුල බී දසනායක. සැකසුම : W.M නිලන්ත චින්තක ( 2012 AL ) Sri Sumangala College,Nuwara Eliya. The best School in Sri Lanka Sri Sumangala National College was founded in 1864 with Mr.A.D Izhed Siriwardana as the 1st principal. This school was started with a very small amount of students as a mix school with only one building and named as Nildandahinna Royal School. Afterwards the school was divided into two parts with a separate school for girls with Mrs.Meegasdeniya as the 1st principal. As time passes the two girls and boys schools were reunited as one mix school and were named as Sri Sumangala School. As the school was in a rapid developing process it was named as a “Maha Vidyalaya” and in 1982 was named as a “Madya Maha Vidyalaya” and 1993 was raised to a National College which a historic milestone of this school. At present this school consists of approximately 3000 students in all grades and a well trained teaching staff led by the present principal Mr.Kapila Aththanayaka
Walapane

Walapane

Walapane, Nildandahinna ,
දැක්ම නොදන්නා අපේකම මුළු රටටම . මෙහෙවර නිල්දණ්ඩාහින්න හා වලපනේ,රාගල,උඩුපුස්සැල්ලාව,පදියපැලැල්ල,කීර්තිබණ්ඩාරපුර,කදපොල,මඩුල්ල,රුපහා අවට පවතින සියලුම වැදගත් කම් අන්තර්ජාලය හරහා ලෝකය වෙත දිගහැරීම. සුන්දර නිල්දණ්ඩාහින්න මධ්‍යම පළාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ, නැගෙනහිර ප්‍රදේශයට මායිම්ව වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල නිල්දණ්ඩාහින්න නම් සුන්දර නගරය පිහිටා ඇත. වර්ග කිලෝමීටර 188 ක භූමි ප්‍රදේශයක විහිදෙන ගම්මානයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 30106 පමණ වේ. නිල්දණ්ඩාහින්නේ ප්‍රධානතම නගරය වලපනේය. වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ග්‍රාම නිළධාරී වසම් 125 ක් අන්තර්ගත වන අතර මුළු ජනගහනය 126171 පමණ වේ. පවුල් සංඛ්‍යාව 33125 පමණ වන අතර ස්ත්‍රී ජනගහනය 62704 පමණ වේ. පුරුෂ ජනගහනය 62074 පමණ වේ. නිල්දණ්ඩාහින්න ගම්මානය මුහුදු මට්ටමේ සිට අඩි 3400 ක් ඉහලින් පිහිටා ඇත. මෙහි ඉතා උස් වූ නිම්න, දැඩි බෑවුම්, තැනිතලා හා සානු පිහිටා තිබීම අමුතුම සුන්දරත්වයක් නිල්දණ්ඩාහින්නට ගෙන දෙයි. නිල්දණ්ඩාහින්න සමස්ත උෂ්ණත්වය10'C- 18'Cක් වන අතර සෑම වර්ෂයකම සැප්තැම්බර් සිට මාර්තු දක්වා අධික වර්ෂාපතනයක් ලැබේ. වලපනේ වලපනේ ස්වභාවික සුන්දරත්වය මුදු මට්ටමේ සිට අඩි 4000 පමණ තරම් වූ ප්‍රදේශයක මහා කඳුරැලි සාගරයක් මැද දල කඳු බෑවුමක පුංචි වලපනේ නගරය පිහිට ඇත නගරයට ලඟා වූ අයෙකුට එක එල්ලේම දිස්වන්නේ දකින්නා හට බුද්ධාලම්භන ප්‍රීතිය ලබා දෙමින් නගරයේ ශාන්ත භාවය තව තවත් ඔප්නංවමින් සුදු පාටින් බබලන ජපන් සාම විහාරය යි නගර මැද සිට සැතපුම් භාගයක පමණ දුරින් පිහිටි මිල්ලපිටිය ගම්මානයේ ලස්සන කඳු ගැටයක් මත ජපන් ගෘහ නිර්මාණ ශිල්පය පෙරදැරි කරගත් මෙම විහාරය වර්ෂ 1983 ඉදි කරන ලදී. කුරුඳු ඔය දිය ඇල්ල ශ්‍රිලංකාවේ දිය ඇලී අතර උසින් වැඩිම තෙවෙනි දිය ඇල්ල වන්නේ වලපනේ පිහිටි කුරුඳු ඔය දිය ඇල්ල වේ හෙහි උස අඩි 676 පමණ වේ පිදුරුතලාගල කඳු වැටියේ උතුරු බෑවුමෙන් ආරම්භ වන මේ කුරුඳු ඔය දිය ඇල්ල වසර පුරාම ප්‍රමාණවත ජල කඳක් ඇදහැලෙමින් ප්‍රදේශයට මනස්කාන්ත පරිසරයක් නිර්මාණය කර ඇත. නීලගරුඬ පාෂාණය මෙය අති දුරලභ සේර්පන්ටින් නිධියක් ලෙසින් භූගර්භ විද්වතුන්දේ විශ්ලේෂණයට භාජනය වුවා වූ ද වෛද්‍ය කර්ම සඳහා යෝග්‍ය ගුණයක් ඇත්තාවූ ද සේ සලකනු ලබන ලෝකයේ ඇති විරල පාෂණයකි. හින්දු ආගමික මුලාශ්‍රයක් නිසා මෙම ස්ථානය ඔවුන්ගේ ශුද්ධ ස්ථානයක් ලෙසටත් පිළිගැනෙන්න අතර මෙවන් වර්ගයේ පාෂාණ නිධියක් පෙරදිග ආසියාව තුලම දක්නට ලැබෙන්නේ මෙහිදී පමණක් බව කියවේ. මෙම පාෂාණ වර්ගය තුල චර්ම රෝග සුවකිරීමේ හැකියාවක් ඇති බව පැවසෙන අතර පාෂාණයේ කැබැල්ලක් ගල ගා පානය කිරීමෙන් උදරාබාධ සමනය වන බවක් ද පවතින බව පැවසේ මේ පාෂාණයේ කැබලි ගැලවූ පසු එතනින් ලියලා වැඩෙන බවට ද මතයක් පවතී. දිය සෙවල මිශ්‍ර කොළ පැහැයෙන් තැනින් තැන දිස්වන මේ පාෂාණ වර්ගය වර්ණ 5 ක සංකලනයක් සේ සැලකෙන අතර දුර තියා තද නිල කොළ පැහැයෙන් දිස්වෙන නිසා නීලගරුඬ පාෂාණය යන නම භාවිතා වූ බව පැවසේ. වලපනේට ප්‍රවේශ වියහැකි මාර්ග මහනුවර-හඟුරන්කෙත-රිකිල්ලගස්කඩ-පදියපැලැල්ල-වලපනේ. මහනුවර- අධිකාරිගම-කීර්තිබන්ද්දරපුර-වලපනේ. නුවරඑලිය-කඳපොල-රාගල-වලපනේ. බදුල්ල-කන්දකැටිය-කීර්තිබන්දරපුර-වලපනේ. අද වන විට කොළඹ සිට දෛනිකව වලපනේ දක්වා ඍජු බස්රථ සේවාවක් වලපනේ ඩිපෝව මගින් සපයා දී ඇත. පිටත්වීම වලපනේ සිට පිටත්වීම කොළඹ සිට පෙව 3:15. පෙව 10:10. පෙව 8:15. පව 2:50. පෙව 10:10. පව 10:00. පව 1:15. පව 12:00. වලපනේ ප්‍රධාන පාසල් කිහිපයකි.එනම් 01. ශ්‍රී සුමංගල ජාතික පාසල-නිල්දණ්ඩාහින්න www.facebook.com/sumangala93 02. නිල්දණ්ඩාහින්න ප්‍රාථමික රජයේ විද්‍යාලය. 03. බටගොල්ල ඵුස්සදේව ම.ම.වි-වලපනේ 04. ටී.බී.එම් හේරත් ඉසුරු විද්‍යාලය-රාගල 05. කලගම්වත්ත නවෝද්‍යා පාසල-කලගම්වත්ත 06. මුංවත්ත ධර්මපාල මහා විද්‍යාලය 07. නන්දාරාම විද්‍යාලය-එගොඩකන්ද 08. පන්නල මහා විද්‍යාලය-ඉහළ පන්නල 09. ධම්මජෝතී මහා විද්‍යාලය-දඹගොල්ල 10. සිදුහත් මහා විද්‍යාලය-තෙරිපැහැ 11. රුපහා මහා විද්‍යාලය-රුපහා 12. මඩුල්ල මහා විද්‍යාලය-මඩුල්ල 13. රාගල දෙමළ මහා විද්‍යාලය-රාගල 14. පදියපැලැල්ල මහා විද්‍යාලය-පදියපැලැල්ල 15. විද්‍යා ප්‍රදීප විද්‍යාලය-උඩමාදුර 16. මෙතෝදිස්ට් දෙමළ මහා විද්‍යාලය-කදපොළ 17. රුප්පේ ප්‍රාථමික විද්‍යාලය-නිල්දණ්ඩාහින්න Powered By: http://www.nildandahinnacpgg.blogspot.com
Nildandahinna Small City,Nuwaraeliya

Nildandahinna Small City,Nuwaraeliya

Nildandahinna Small City,Nuwaraeliya http://www.facebook.com/Nildandahinna