Local business web pages from Sri Lanka Search result

Walapane

Walapane

Walapane, Nildandahinna ,
දැක්ම නොදන්නා අපේකම මුළු රටටම . මෙහෙවර නිල්දණ්ඩාහින්න හා වලපනේ,රාගල,උඩුපුස්සැල්ලාව,පදියපැලැල්ල,කීර්තිබණ්ඩාරපුර,කදපොල,මඩුල්ල,රුපහා අවට පවතින සියලුම වැදගත් කම් අන්තර්ජාලය හරහා ලෝකය වෙත දිගහැරීම. සුන්දර නිල්දණ්ඩාහින්න මධ්‍යම පළාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ, නැගෙනහිර ප්‍රදේශයට මායිම්ව වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල නිල්දණ්ඩාහින්න නම් සුන්දර නගරය පිහිටා ඇත. වර්ග කිලෝමීටර 188 ක භූමි ප්‍රදේශයක විහිදෙන ගම්මානයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 30106 පමණ වේ. නිල්දණ්ඩාහින්නේ ප්‍රධානතම නගරය වලපනේය. වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ග්‍රාම නිළධාරී වසම් 125 ක් අන්තර්ගත වන අතර මුළු ජනගහනය 126171 පමණ වේ. පවුල් සංඛ්‍යාව 33125 පමණ වන අතර ස්ත්‍රී ජනගහනය 62704 පමණ වේ. පුරුෂ ජනගහනය 62074 පමණ වේ. නිල්දණ්ඩාහින්න ගම්මානය මුහුදු මට්ටමේ සිට අඩි 3400 ක් ඉහලින් පිහිටා ඇත. මෙහි ඉතා උස් වූ නිම්න, දැඩි බෑවුම්, තැනිතලා හා සානු පිහිටා තිබීම අමුතුම සුන්දරත්වයක් නිල්දණ්ඩාහින්නට ගෙන දෙයි. නිල්දණ්ඩාහින්න සමස්ත උෂ්ණත්වය10'C- 18'Cක් වන අතර සෑම වර්ෂයකම සැප්තැම්බර් සිට මාර්තු දක්වා අධික වර්ෂාපතනයක් ලැබේ. වලපනේ වලපනේ ස්වභාවික සුන්දරත්වය මුදු මට්ටමේ සිට අඩි 4000 පමණ තරම් වූ ප්‍රදේශයක මහා කඳුරැලි සාගරයක් මැද දල කඳු බෑවුමක පුංචි වලපනේ නගරය පිහිට ඇත නගරයට ලඟා වූ අයෙකුට එක එල්ලේම දිස්වන්නේ දකින්නා හට බුද්ධාලම්භන ප්‍රීතිය ලබා දෙමින් නගරයේ ශාන්ත භාවය තව තවත් ඔප්නංවමින් සුදු පාටින් බබලන ජපන් සාම විහාරය යි නගර මැද සිට සැතපුම් භාගයක පමණ දුරින් පිහිටි මිල්ලපිටිය ගම්මානයේ ලස්සන කඳු ගැටයක් මත ජපන් ගෘහ නිර්මාණ ශිල්පය පෙරදැරි කරගත් මෙම විහාරය වර්ෂ 1983 ඉදි කරන ලදී. කුරුඳු ඔය දිය ඇල්ල ශ්‍රිලංකාවේ දිය ඇලී අතර උසින් වැඩිම තෙවෙනි දිය ඇල්ල වන්නේ වලපනේ පිහිටි කුරුඳු ඔය දිය ඇල්ල වේ හෙහි උස අඩි 676 පමණ වේ පිදුරුතලාගල කඳු වැටියේ උතුරු බෑවුමෙන් ආරම්භ වන මේ කුරුඳු ඔය දිය ඇල්ල වසර පුරාම ප්‍රමාණවත ජල කඳක් ඇදහැලෙමින් ප්‍රදේශයට මනස්කාන්ත පරිසරයක් නිර්මාණය කර ඇත. නීලගරුඬ පාෂාණය මෙය අති දුරලභ සේර්පන්ටින් නිධියක් ලෙසින් භූගර්භ විද්වතුන්දේ විශ්ලේෂණයට භාජනය වුවා වූ ද වෛද්‍ය කර්ම සඳහා යෝග්‍ය ගුණයක් ඇත්තාවූ ද සේ සලකනු ලබන ලෝකයේ ඇති විරල පාෂණයකි. හින්දු ආගමික මුලාශ්‍රයක් නිසා මෙම ස්ථානය ඔවුන්ගේ ශුද්ධ ස්ථානයක් ලෙසටත් පිළිගැනෙන්න අතර මෙවන් වර්ගයේ පාෂාණ නිධියක් පෙරදිග ආසියාව තුලම දක්නට ලැබෙන්නේ මෙහිදී පමණක් බව කියවේ. මෙම පාෂාණ වර්ගය තුල චර්ම රෝග සුවකිරීමේ හැකියාවක් ඇති බව පැවසෙන අතර පාෂාණයේ කැබැල්ලක් ගල ගා පානය කිරීමෙන් උදරාබාධ සමනය වන බවක් ද පවතින බව පැවසේ මේ පාෂාණයේ කැබලි ගැලවූ පසු එතනින් ලියලා වැඩෙන බවට ද මතයක් පවතී. දිය සෙවල මිශ්‍ර කොළ පැහැයෙන් තැනින් තැන දිස්වන මේ පාෂාණ වර්ගය වර්ණ 5 ක සංකලනයක් සේ සැලකෙන අතර දුර තියා තද නිල කොළ පැහැයෙන් දිස්වෙන නිසා නීලගරුඬ පාෂාණය යන නම භාවිතා වූ බව පැවසේ. වලපනේට ප්‍රවේශ වියහැකි මාර්ග මහනුවර-හඟුරන්කෙත-රිකිල්ලගස්කඩ-පදියපැලැල්ල-වලපනේ. මහනුවර- අධිකාරිගම-කීර්තිබන්ද්දරපුර-වලපනේ. නුවරඑලිය-කඳපොල-රාගල-වලපනේ. බදුල්ල-කන්දකැටිය-කීර්තිබන්දරපුර-වලපනේ. අද වන විට කොළඹ සිට දෛනිකව වලපනේ දක්වා ඍජු බස්රථ සේවාවක් වලපනේ ඩිපෝව මගින් සපයා දී ඇත. පිටත්වීම වලපනේ සිට පිටත්වීම කොළඹ සිට පෙව 3:15. පෙව 10:10. පෙව 8:15. පව 2:50. පෙව 10:10. පව 10:00. පව 1:15. පව 12:00. වලපනේ ප්‍රධාන පාසල් කිහිපයකි.එනම් 01. ශ්‍රී සුමංගල ජාතික පාසල-නිල්දණ්ඩාහින්න www.facebook.com/sumangala93 02. නිල්දණ්ඩාහින්න ප්‍රාථමික රජයේ විද්‍යාලය. 03. බටගොල්ල ඵුස්සදේව ම.ම.වි-වලපනේ 04. ටී.බී.එම් හේරත් ඉසුරු විද්‍යාලය-රාගල 05. කලගම්වත්ත නවෝද්‍යා පාසල-කලගම්වත්ත 06. මුංවත්ත ධර්මපාල මහා විද්‍යාලය 07. නන්දාරාම විද්‍යාලය-එගොඩකන්ද 08. පන්නල මහා විද්‍යාලය-ඉහළ පන්නල 09. ධම්මජෝතී මහා විද්‍යාලය-දඹගොල්ල 10. සිදුහත් මහා විද්‍යාලය-තෙරිපැහැ 11. රුපහා මහා විද්‍යාලය-රුපහා 12. මඩුල්ල මහා විද්‍යාලය-මඩුල්ල 13. රාගල දෙමළ මහා විද්‍යාලය-රාගල 14. පදියපැලැල්ල මහා විද්‍යාලය-පදියපැලැල්ල 15. විද්‍යා ප්‍රදීප විද්‍යාලය-උඩමාදුර 16. මෙතෝදිස්ට් දෙමළ මහා විද්‍යාලය-කදපොළ 17. රුප්පේ ප්‍රාථමික විද්‍යාලය-නිල්දණ්ඩාහින්න Powered By: http://www.nildandahinnacpgg.blogspot.com